Monday, February 25, 2013
මටත් හිතුණා Blog එකක් කරන්න
ඇත්තම කිව්වොත් මම පොඩි කාලෙ ඉදන්ම ආසයි විඩියෝ එඩිටින් වලට. ඒ වගේම වෙබ් සයිට් එකක් හදන එක මගේ ජීවිතයේ හීනයක් වෙච්ච දෙයක්.මම වැඩිය ගේම්ස්,ෆිල්ම් වලට ගොඩක් බැදිලා හිටියේ නෑ.ඒක නිසා වෙන්නැති මම මෙච්චර කොම්පියුටර් සයිඩ් එකට ආස.එ මොනව වුනත් මෙන්න මෙහෙමයි මට බ්ලොග් එකක් කරන්න හිතුණේ..අපේ ඉස්කෝලේ වෙබ් සයිට් එක සුපිරියටම හදලා පොඩි උත්සවයක් සංවිධානය කරලා තිබ්බා අපේ වෙබ් ටීම් එක.එකේ ප්‍රධාන අමුත්තා වුනේ ආචර්්‍ය චිත්රාල් අබවත්ත කියන ආදි මහින්දියෙක්.මෙයාගේ කතාවෙන් පස්සේ තිබ්බේ කොහොමද අපේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතව තියාගන්නේ කියලා,ඊට පස්සේ තමයි මගේ බ්ලොග් ලියන්න අසාවක් ඇති කරන්න හේතු වුණු කතාව පටන් ගන්නේ.ඒ වෙලාවෙ මම ටිකක් නිදි මතෙන් හිටියෙ ඒත් මොකද මන්ද මම ඒක ග ැන ගොඩක් ලොකු අවධානයකින් හිටියා.මට මතක විදිහට පහන් කියලා අයිය කෙනෙක් තමයි එ ඉදිරිපත් කිරීම කරේ, මටත් හිතුණා අනිත් අයට වඩා වෙනස් වෙන්න මම ඒක නිසා මගේ බ්ලොග් එක දිගටම කරන් යනවා,මගේ ජීවිතයේ එදිනෙදා වෙන දේවල් මම යාළුවන් එක්ක බෙදා ගන්න උත්සහ කරනවා.............
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment